ගයිස් SRT ෆයිල් වලින් අපි උපසිරැසි දෙන එක නතරකරන්න තීරණය කලා. ඒකට හේතුව කිසිම මහන්සියක් වෙන්නෙ නැතුව හොර වෙබ් සයිට් වලින් අපේ ඔරිජිනල් සබ් ඒක ඒහෙම් පිටින්ම උස්සලා දානවා. අඩුම තරමේ ක්‍රෙඩිට් එකක්වත් අපිට දෙන්නෙ නැතුව අපේ වෙබ් අඩවියේ නම අයින් කරලා එයාලගේ වෙබ් අඩවියේ නම විතරක් දාගෙන කරන වැඩේ හරිම අසාධාරණයි. වෙබ් සයිට් එකේ ඇඩ්ස් වලින් එතරම් ලොකු ගානක් අපිට ලැබෙන්නෙ නෑ. හොස්ටින් වලට පවා අපි අතින් ගෙවාගෙන කරන්නෙ.එතරම් වියදමක් දරාගෙන අපි නොමිලෙ එන හැම චිත්‍රපටයක හෝ සීරීස් එකක සබ් දුන්නම වෙන හොරෙක් අපේ වෙබ් අඩවියෙන් කිසිම ක්‍රෙඩිට් එකක්වත් දෙන්නෙ නැතුව සබි හොරකම් කරලා අපේ නම් සේරම සබ් එකෙන් ඉවත් කරලා එයාලගෙ නම විතරක් දානවානම් කොච්චර අසාධාරණද?. අපි දන්නවා ඔයාලට ඒකෙන් අපහසුතාවයක් ඇති වෙනවා කියලා. ඉතින් ඒක නිසා ඉදිරියේදි ඔවුන්ට විරුද්ධව පියවරක් ගන්නකන් අපි අපේ උපසිරැසි idx වලින් දෙන්න තීරණය කලා. වැඩිදුර තොරතුරු විමසන්න අපේ ලයිව් චැට් එක හරහා සම්බන්ධ වෙන්න.

